නෙදර්ලන්තය පරදා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 56 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (27) සමත් වුණා.

සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා නෙදර්ලන්තයට ලකුණු 180ක ඉලක්කයක් ලද නමුත්, ඔවුන්ට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

Tim Pringle ලකුණු 20 ක් ද, Colin Ackermann ලකුණු 17 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, අක්සාර් පටෙල් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

බුවනේෂ්වර් මෙම ඉනිමේ දී යොමු කළ පළමු පන්දුවාර දෙකම නිලකුණු පන්දුවාර වීම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

රෝහිට් ෂර්මා ලකුණු 53 කට දැවී ගිය අතර, විරාට් කෝලි නොදැවී ලකුණු 62 ක් ද, සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 51 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Fred Klaassen හා Paul van Meekeren කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද ඉන්දියාව සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...