අමතර ක්‍රීඩකයින් තිදෙනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට අමතර ක්‍රීඩකයින් ලෙස පසුගියදා නම් කෙරුණු අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් අද(26) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී Tim McCaskill සමගින් ඔවුන් තිදෙනා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඔවුන් මෙල්බර්න් හී දී Tim McCaskill ගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් එම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සමගින් එක් වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගනු ලැබුවේ.

මේ අතර, ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ බිනුර ප්‍රනාන්දුට ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති බවයි වාර්තා වුණේ.

ඩිල්ෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමට මීට පෙර පියවර ගැණුනා.

ප්‍රමෝද් මදුෂාන් හා පැතුම් නිස්සංක යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක් වූ නමුත්, ඔවුන් දෙදෙනා මේ වන විට සුවය ලබා සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...