එංගලන්ත එක්දින සංචිතයට වින්ස්, බිලින්ග්ස් හා රෝයි කැදවයි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ජේම්ස් වින්ස් හා සෑම් බිලින්ග්ස් යළි එක්දින සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

සුපුරුදු දක්ෂතා අතර නොමැති වීම හේතුවෙන් මෑතකදී 20යි 20 සංචිතයෙන් ඉවත් කෙරුණු ජේසන් රෝයි ද මෙම එක්දින සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියා – එංගලන්ත එක්දින තරගාවලිය නොවැම්බර් 17, 19 හා 22 යන දිනවලදී පිළිවෙලින් ඇඩිලේඩ්, සිඩ්නි හා මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ENG Squad:

Jos Buttler (C), Moeen Ali, Sam Billings, Sam Curran, Liam Dawson, Chris Jordan, Dawid Malan, Adil Rashid, Jason Roy, Phil Salt, Olly Stone, James Vince, David Willey, Chris Woakes, Luke Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...