Watch : පියඹා ගොස් බට්ලර් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි තරගය මෙරට වේලාවෙන් අද(22) පස්වරු 4.30ට පර්ත් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 32 ක් ද, උස්මාන් ඝානි ලකුණු 30 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී සෑම් කරන් පන්දුවාර 3.4 ක් තුළ ලකුණු 10 කට බිද හෙලූ කඩුලු ගණන 5 ක්.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ දී මොහමඩ් නබී ලකුණු 3 කට දවා ගැනීම සදහා එංගලන්ත නායක හා කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...