ස්කොට්ලන්තය පරදා සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 12 ට සුදුසුකම් ලබයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සිම්බාබ්වේ කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලියක දෙවැනි වටයක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස ද ඉතිහාසගත වුණා.

ඒ අනුව B කාණ්ඩයෙන් අයර්ලන්තය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත් අතර, දෙවරක් 20යි 20 ලෝක ශූරතාවය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා ස්කොට්ලන්ත කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

අද හෝබාර්ට් හි පැවැති පළමු වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 132 ක් ලබා ගත්තා.

ජෝර්ජ් මන්සි ලකුණු 54(51) ක් හා Calum MacLeod ලකුණු 25(26) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ටෙන්ඩයි චටාරා හා රිචර්ඩ් නගරාවා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් සුපිරි 12 වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.

නායක ක්‍රෙයිග් අර්වයින් ලකුණු 58(54) ක් ලබා ගත් අතර, සිකන්ඩ රාසා ලකුණු 40(23) ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Josh Davey ලකුණු 16කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...