සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව රැදී සිටින පළමු කාණ්ඩය සදහා සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම අද (21) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ පළමු වටයේ දී B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් වීමත් සමගයි.

ඔවුන් තරග තුනෙන් තරග දෙකක් ජය ගනිමින් දෙවැනි ස්ථානය දිනා ගත් අතර, එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තේ තරග තුනෙන් තරග දෙකක් ජය ගත් සිම්බාබ්වේ කණ්ඩායමයි.

දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියෙන් පසු වූ බැවිනුයි ඔවුන් එම කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත්තේ.

ඒ අනුව සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඇෆ්ඝනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය හා පළමු වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායමයි.

සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 වැනිදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව හෝබාර්ට් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව එළඹෙන 25 වැනිදා සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින්නේ පර්ත් ක්‍රීඩාංගනයේ දී යි. (පස්වරු 4.30ට)

සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය නවසීලන්තයට එරෙහිව එළඹෙන 29 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් පළමු වැනිදා බ්‍රිස්බේන් හී දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි.(පෙරවරු 9.30ට)

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී යි.(පස්වරු 1.30ට)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...