LPL නව ලාංඡනය එළි දකියි ; නිර්මාණකරුට ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා නව ලාංඡනයක් අද (21) එළිදැක් වුණා.

ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින් මෙම නව ලාංඡනය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

LPL තරගාවලිය සදහා නව නිර්මාණශීලී ලාංඡනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පැවැති තරගයකින් පසුවයි මෙම නව ලාංඡනය තෝරා ගෙන ඇත්තේ.

නව ලාංඡනය ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ “සිංහ සංකේතය” වටා වන අතර එමඟින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය සංකේතවත් කරනු ලබනවා.

ලාංඡනයේ නිරූපිත පිතිකරුවා විසින් 20යි 20 ක්‍රිකට් රටාවේ බලය, ශක්තිය සහ උද්වේගය පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

භාවිතා කර ඇති බහු වර්ණ තුළින් “ක්‍රිකට් අසිරියේ” ආරම්භය නිවේදනය කරනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී නම් තරුණයා විසිනුයි මෙම නව ලාංඡනය නිර්මාණය කර ඇත්තේ.

අමෙරිකානු ඩොලර් 1,000 ක (රුපියල් 360,000 ක පමණ වටිනාකමක්) මුදලක් ඔහු වෙනුවෙන් පිරිනැමීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නව ලාංඡනය –

SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...