හෙට තරගයේ දී මොකද වෙන්නේ? චාමික කරුණාරත්න මාධ්‍ය හමුවේ අදහස් දක්වයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය හෙට (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ජීලෝන්ග්හී දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයේ දී නැමීබියාව හමුවේ ලද අමිහිරි පරාජය හේතුවෙන් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරග දෙකේම ජය අනිවාර්යය වනවා.

හෙට තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඊයේ පැවැති තරගය හා හෙට තරගය සම්බන්ධයෙන් අදහස් පල කළා.

හෙට තරගයේ දී කණ්ඩායමේ වෙනසක් සිදු විය හැකිදැයි විමසන ලද පැනයකට චාමික සදහන් කළේ මෙවැනි පිළිතුරක්.

“නෑ, ඔබ දන්නවා අපිට නරක දවසක් තිබ්බේ (ඊයේ). නැමීබියාව ඊයේ පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම හොදින් ක්‍රීඩා කරා. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා.” 

සිදු වූ වැරැදි නිවැරැදි කර ගනිමින් මීළග තරග ක්‍රීඩා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් චාමික කරුණාරත්න වැඩිදුරටත් සදහන් කළේ ඊයේ තරගයේ දී ක්‍රීඩා කළ ආකාරයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම බෙහෙවින් දක්ෂ කණ්ඩායමක් බවයි.

නිමා වූ ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ද ශ්‍රී ලංකාව ජය ගත්ත ද, ඔවුන් එම තරගාවලියේ පළමු තරගයේ දී ඇෆ්ඝනිස්තානය හමුවේ ද දරුණු ලෙස පරාජයට පත් වුණා.

කෙසේ වෙතත්, ආසියානු කුසලාන තරගාවලිය මේ වන විට ඉතිහාසයට එක්ව අවසන් බවත්, ලෝක කුසලානයේ තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් බවත් චාමික කියා සිටියා.

“ඔබ දන්නවා අපි ආසියානු කුසලානයේ දී පළමු තරගය ඇෆ්ඝනිස්තානයට පරාජය වුණා. කෙසේ වෙතත්, ඊට පසු තරග සියල්ල අපි ජයග්‍රහනය කළා. නමුත් අපි ඒ විදිහටම හිතන්නේ නෑ, මොකම ඒක ඉතිහාසය. අපිට හිතන්න වෙනවා දැන් ලෝක කුසලානය ගැන. වෙනස්ම ක්‍රීඩකයින්, වෙනස්ම තත්ත්වයන් වගේම වෙනස්ම රටක්. ක්‍රීඩාංගනත් වෙනස්. ගොඩක් දේවල් වෙනස්. අපිට සිද්ධ වෙනවා සැලසුම් කරන්න, අපිට සිද්ධ වෙනවා අපේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න. අපිට ඉන්නෙ තරුණ කණ්ඩායමක්. අපිට ඉන්නවා ගොඩක් ශක්තිමත්, යෝග්‍ය ක්‍රීඩකයින්. අපි ඒ වාසි අරගෙන අපිට අපේ ක්‍රීඩාව හොද විදිහකට සෙල්ලම් කරන්න වෙනවා “

“එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පමණක් නෙවෙයි. සියලුම කණ්ඩායම් ඉතාමත් හොද කණ්ඩායම්. ඔබ දැක්කා නැමීබියාව කොහොමද ඊයේ තරගය ක්‍රීඩා කළේ කියලා. අපිට හොදට හිතන්න හා සැලසුම් කරන්න වෙනවා එක්සත් අරාබියට එරෙහිව, අපිට හොදින් ක්‍රීඩා කරන්න වෙනවා හෙට”

මේ වන විට ලකුණු අතරට පිවිසීමට අපොහොසත්ව සිටින අංක 4 පිතිකරු ධනුෂ්ක ගුණතිලකට හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී බොහෝ විට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් පවතිනවා.

පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ චරිත් අසලංකට ඉදිරි තරගවලදී යළි කණ්ඩායමට පැමිණ දක්ෂතා අතරට පිවිසීමේ අවස්ථාව පවතින බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද සදහන් කර සිටියා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක වෙනුවට හෙට තරගයේ දී බොහෝ විට චරිත් අසලංක කණ්ඩායමට ආදේශ කිරීමට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...