නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දී පැවැත්නෙවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැමීබියාවට ලබා දුන්නා.

ඒ අනුව නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 163 ක්.

ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 93 දී බිද වැටුණා. කෙසේ වෙතත්, අනතුරුව Jan Frylinck  හා JJ Smit සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ 7 වැනි කඩුල්ලට පන්දු 33 කින් ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

Frylinck ලකුණු 44(28) ක් හා Smit නොදැවී ලකුණු 31(16) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න හා වනිදු හසරංග කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ. ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...