Watch : කුසල් මෙන්ඩිස් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (16) ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වුණා.

ඒ, පළමු වටය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නැමීබියා තරගයත් සමගයි.

තරගය ජීලෝන්ග් හී දී මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැමීබියාවට ලබා දුන්නා.

ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 35 දී බිද වැටුණා. Michael van Lingen ලකුණු 3 කට දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වූ අතර, Divan la Cock ලකුණු 9කට දැවී ගියේ ප්‍රමෝද් මදුෂාන්ගේ පන්දුවක් හමුවේයි.

Jan Nicol Loftie-Eaton පන්දු 12 කින් ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියා.

චාමික කරුණාරත්න යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි එම කඩුල්ල බිද වැටුණේ.

දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cric12222/status/1581503959264436225

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...