ඩිල්ෂාන් මදුෂංක ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට අද (16) ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඊයේ සිදු කළ පුහුණුවීම් අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙනුයි මෙලෙස මෙවර තරගාවලියෙන් ඉවත් වීමට මදුෂංකට සිදුව ඇත්තේ.

ඒ අනුව ඔහු වෙනුවට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු කඩිනමින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, ඩිල්ෂාන් මදුෂංක වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයාට ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද අවශ්‍ය වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී මෙවර ලෝක කුසලානයේ පළමු තරගයට ක්‍රීඩා කරන්නේ නැමීබියාවට එරෙහිවයි.

එම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනො ලෙස දුෂ්මන්ත චමීර සමගින් ලහිරු කුමාර ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී දක්ෂතා දැක් වූ ප්‍රමෝද් මදුෂාන් ද ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටිනවා.

ඩිල්ෂාන් මදුෂංක වෙනුවට බොහෝ විට බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට ඉඩ පවතිනවා.

ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රිකට් තේරීම් කමිටුව අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කළ අතර, ඒ අතරට බිනුර ප්‍රනාන්දු ද ඇතුළත්.

කෙසේ වෙතත්, අතිරේක ක්‍රීඩකයින් අතරින් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව ගියේ අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...