ආබාධ ගැටලු හා වර්ෂාව මැද ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු තරගයට සූදානම්

Date:

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට(16) ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වනවා.

තරගාවලියට රටවල් 16 ක් ක්‍රීඩා කරන අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් පළමු වටයේ තරග සදහා හෙට සිට මුහුණ දීමට නියමිතයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදිනවා. ඔවුන් හෙට නැමීබියාවට එරෙහිව තරග කරන අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ජීලෝන්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

හෙට දිනයේ පැවැත්වෙන දෙවැනි තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ජීලෝන්ග්හී දී ම ආරම්භ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

මේ අතර, අද දිනයේ පැවැති පුහුණුවීම් අතරතුර දී ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක්ව තිබෙනවා‍.

ඒ හේතුවෙන් ඔහුට නැමීබියාවට එරෙහි පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවත්, තරගාවලියේ ඉතිරි තරග සදහා ඔහුගේ සහභාගීත්වය ඉදිරියේ දී සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපල අනුව තීරණය වනු ඇති බවත් සදහන්.

මධුෂංක හෙට තරගය සදහා ක්‍රීඩා නොකරන බැවින් දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස නැමීබියාවට එරෙහි තරගයට ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, තරග පැවැත්වෙන ජීලෝන්ග් නුවරට හෙට දිනයේ දී වර්ෂාව ඇද හැලීමේ අවස්ථාවක් පවතින බවට කාළගුණ අනාවැකි පලව තිබෙනවා.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන පස්වරු කාලයේ දී වර්ෂාව ඇති වීමේ හැකියාව අවම මට්ටමක පවතින බැවින් තරග සදහා වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය 13 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු තරගය ද සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට ද සිදු වුණා.

පළමු වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් තරග කිරීමට නියමිතව තිබෙනවා.

B කාණ්ඩයෙන් පළමු වටය සදහා තරග වදින්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන රටවල්.

A කාණ්ඩයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක හා B කාණ්ඩයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 2 සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබන අතර, සුපිරි 12 වටය සදහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්.

නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට තරග 45 ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...