ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව 7 වැනි වරටත් කාන්තා ආසියානු ක්‍රිකට් ශූරයින් වෙයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(15) සමත් වුණා.

ඒ, බංග්ලාදේශයේ සිල්හෙට්හි පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කරමින්.

මෙය ඉන්දියාව ආසියානු කුසලාන කාන්තා තරගාවලියක ශූරතාවය දිනූ 7 වැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුව පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 65 ක් පමණයි.

ආරම්භක පිතිකාරිණියන් වූ චමරි අතපත්තු (ලකුණු 6) හා අනුෂ්කා සංජීවනී (ලකුණු 2) යන පිතිකාරිණියන් දෙදෙනාම දුවද්දී දැවී යාම ශ්‍රී ලංකා ඉනිමට දැඩි බලපෑමක් එල්ල කළා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ ඕෂදී රණසිංහ හා ඉනෝකා රණවීර පමණයි. ඕෂදී ලකුණු 13 කට දැවී ගිය අතර, ඉනෝකා නොදැවී ලකුණු 18 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රේනුකා සිං ලකුණු 5 කට කඩුලු 3ක් දවා ගත් අතර, රජේෂ්වරී ගයක්වඩ් හා ස්නෙහ් රානා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 8.3 ක් පමණක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(71/2)

ස්ම්රිති මන්දනා පන්දු 25 කින් ලකුණු 51 ක් නොදැවී ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා පහසුවෙන් රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර හා කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...