දිල්ලි කැපිටල්ස් දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නා සමග ගිවිසුම් ගත වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොර්ට්ජේ (Anrich Nortje) සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ, මෙවර තරගාවලියෙන් ඉවත් වීමට පසුගිය මාර්තු මාසයේ දී තීරණය කළ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් වෙනුවටයි.

ක්‍රිස් වෝක්ස් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට දිල්ලි කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණා.

නමුත්, එංගලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවීමේ අවශ්‍යතාවය මත ඔහු මෙවර තරග වාරයෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අයි.පී.එල් සහ ජාත්‍යන්තර පිටියේ සියලු තරග කාලසටහන් සංශෝදනය වුව ද ක්‍රිස් වෝක්ස් මෙවර අයි.පී.එල් තරගාවලියට එක් නොවීමට තීරණය කර ඇති බව සදහන්.

ඔහුගේ බිරිද තවත් දරු උපතක් වෙනුවෙන් සූදානමින් පසුවීම ද ක්‍රිස් වෝක්ස්ගේ මෙම තීරණයට හේතු වී තිබෙනවා.

අන්රිච් නොර්ට්ජේ පසුගිය වසරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද ආබාධයක් හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...