ලකුණු 8ක තියුණු ජයකින් එංගලන්තය තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) සංචාරක එංගලන්ත කණ්ඩායම අද(12) සමත් වුණා.

කැන්බරා හි පැවැති තරගය ජය ගැනීමට ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

මිචෙල් මාෂ් ලකුණු 45 (29) ක් හා ටිම් ඩේවිඩ් ලකුණු 40 (23) ක් රැස් කළා. පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් මලාන් පන්දු 49 කින් වේගවත් ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ද සමගින්.

මොයීන් අලී පන්දු 27 කින් ලකුණු 44 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මර්කස් ස්ටොයිනිස් ලකුණු 34 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...