කොන්වේගේ හා පිලිප්ස්ගේ ප්‍රහාරය හමුවේ බංග්ලාදේශය තරගාවලියෙන් ඉවතට විසි වෙයි

Date:

නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පස් වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද(12) සමත් වුණා.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු බංග්ලාදේශයට අත්හැරීමට සිදු වූ අතර, නවසීලන්තය හා පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ක්‍රයිස්චර්ච් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 209 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

නායක ශකිබ් අල් හසාන් ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 44 කින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.
ලිටොන් දාස් හා සෞම්‍ය සාකාර් ලකුණු 23 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇඩම් මිල්න් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටිම් සවුති හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පන්දුවාර 20 තුළ ලකුණු 208 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ඩෙවෝන් කොන්වේ පන්දු 40 කින් ලකුණු 64 ක් හා ග්ලේන් පිලිප්ස් පන්දු 24 කින් වේගවත් ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුණා. පිලිප්ස්ගේ ඉනිම හයේ පහර 5 කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී මොහමඩ් සයිෆුදීන් හා එබඩොට් හොසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ වන විට නවසීලන්ත කණ්ඩායම තරග 4 කදී ප්‍රසාද ලකුණු 6 ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, පාකිස්තානය ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

බංග්ලාදේශය මේ දක්වා ක්‍රීඩා කළ තරග තුනම ඔවුන් පරාජයට පත්ව තිබෙනවා.

https://twitter.com/cric12222/status/1580088978602332160?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...