බංග්ලාදේශය ඉවතට විසි වෙද්දී ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත් අතර, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවසන් පූර්ව වටයේ තරගය එළඹෙන 13 වැනිදා බංග්ලාදේශයේ සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිතයි.

සිල්හෙට් හි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

ඒ, ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල පන්දුවාර 7ක දී ලකුණු 58 ක් ව තිබියදී බිද වැටුණු පසුබිමකයි.

චමරි අතපත්තු පන්දු 26 කින් වේගවත් ලකුණු 41 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා. හතරේ පහර 9 ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

කෙසේ වෙතත්, ඇයගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා මැදපෙල දරුණු කඩා වැටීමකට ලක් වුණා. ශ්‍රී ලංකා පිලේ 8 වැනි කඩුල්ල බිද වැටුණේ ලකුණු 78 දී යි.

හසිනි පෙරේරා ලකුණු 18 ක් ද, ඕෂදී රණසිංහ ලකුණු 26 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය දක්වනු ලැබුවා.

පන්දු යැවීමේ දී Omaima Sohail ලකුණු 13 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Nida Dar ලකුණු 26 ක් නොදැවී රැස් කළ අතර, Aliya Riaz ලකුණු 20 කට දැවී ගියා. Ayesha Naseem පන්දු 5 කින් හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 16 ක් ලබා ගනිමින් පාකිස්තානය ජයග්‍රහනය කරා  රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි කඩුලු 2ක් දවා ගත්තා. ඕෂධී රණසිංහ, අචිනි කුලසූරිය හා ඉනෝකා රණවීර අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 13 වැනිදා පැවැත්වෙන අතර, පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන්නේ ඉන්දියාව හා තායිලන්තයයි.

තායිලන්තය පළමු වරටයි ආසියානු කුසලාන කාන්තා තරගාවලියක අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මූලික වටය යටතේ අද දිනයේ දී තරගයක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

එම තරගයෙන් බංග්ලාදේශය ජය වාර්තා කළේ නම් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පැවැති නමුත්, තරගය අතහැර දැමීමට සිදු වීම හේතුවෙන් බංග්ලාදේශයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...