“160 වේගය අභිබවා යාමට සූදානම්” – මිචෙල් ස්ටක්

Date:

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් යනු ලෝක ක්‍රිකට් පිටිය තුළ පැයට කි.මී. 160 ට වැඩී වේගයක් සහිතව පන්දු යැවීමේ හැකියාවක් ඇති පන්දු යවන්නන් කිහිප දෙනා අතරින් එක් අයෙක්.

වර්තමාන පන්දු යවන්නන් අතරින් වේගවත්ම පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාක් මීට පෙර තමන් වාර්තා කළ හොඳම වේග සීමාව වන පැයට කි.මී. 160.4 අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු පවසා ඇති ආකාරයට පසුගිය කාලය තුළ දී එම අරමුණ වෙනුවෙන් ස්ටක් පුහුණුවීම් මෙන්ම විවිධ ක්‍රියාකාරකම් සිදුකර තිබෙනවා.

පන්දුයැවීමේ වේග සීමාව උපරිම මට්ටමකට ළගා කරගැනීම සදහා සිය ශරීරයේ මාංශපේෂි 5 kg ක ප්‍රමාණයකින් වර්ධනය කරගත් බව ද ස්ටක් වැඩිදුරටත් සදහන් කර තිබුණා.

සිය හොඳම පන්දු යැවීමේ වේග සීමාව මිචෙල් ස්ටාක් සිනිටුහන් කරනු ලැබුවේ 2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව පැවතී ටෙස්ට් තරගයක් අතරතුරයි.

එහිදී ඔහු පැයට කි.මී. 160.4 ක වේගයකින් පන්දුව යොමුකර තිබූ බවට වේග මාපකයේ සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...