ගුවන් යානය මග හැරුණු නිසා හෙට්මයර් ලෝක කුසලානයෙන් ඉවත් කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ශිම්රන් හෙට්මයර් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ලෝක කුසලානය පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට ඔහු වෙනුවෙන් සූදනම් කර තිබූ ගුවන් යානයකින් ශිම්රන් හෙට්මයර් පිටත්ව නොයාම හේතුවෙන්.

ඒ අනුව ඔහුව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටු සාමාජිකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

හෙට්මයර් වෙනුවට ශමාර් බෘෘක්ස් 20යි 20 කුසලානය සදහා වන කොදෙව් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය සෙනසුරාදා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමා වීමෙන් පසුව ලෝක කුසලානය වෙනුවෙන් කොදෙව් ක්‍රීඩකයින් කණ්ඩායම් කිහිපයක් ලෙස ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව ගොස් තිබුණා.

ශිම්රන් හෙට්මයර් පළමුව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඔක්තෝබර් පළමු වැනිදායි.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත ඔහු එදින ඔස්ට්‍රේලියාව බලා පිටත්ව නොගිය අතර, කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ඔහුට සදුදා දිනයේ දී වෙනත් ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණා.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත එම ගුවන් යානයෙන් ද හෙට්මයර් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...