ආසියානු කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(1) බංග්ලාදේශයේ දී ආරම්භ වුණා.

පළමු දිනයේ පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට සමත් වුණේ බංග්ලාදේශ හා ඉන්දීය කාන්තා කණ්ඩායම්.

ඔවුන් හමුවේ පිළිවෙලින් තායිලන්ත හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් පරාජයට පත් වුණා.

සිල්හෙට්හි පැවැති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 82 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 11.4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ඒ අනුව එම තරගයෙන් කඩුලු 9ක ජයක් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට හිමි වුණා.

තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය වාර්තා කළේ ලකුණු 41 කින්.

සිල්හෙට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 150 ක් ලබා ගත්තා. Jemimah Rodrigues ලකුණු 76යි. පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109 ක් පමණයි.

හසිනි පෙරේරා ලකුණු 30 ක් ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී Dayalan Hemalatha ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...