තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අඛන්ඩව දෙවැනි වරටත් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, රායිපූර් හීදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 14 ක ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

නායක බ්‍රයන් ලාරා ලකුණු 17 කට දැවී ගිය අතර, ඩ්වේයන් ස්මිත් ලකුණු 23ක් රැස් කළා. ස්මිත් හා කර්ක් එඩ්වඩ්ස් පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට සනත් ජයසූරිය සමත් වුණා.(දර්ශන පහතින්)

නර්සිං ඩියොනරීන් පන්දු 39 කින් ලකුණු 63 ක් ලබා ගත්තා. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී සනත් ජයසූරිය ලකුණු 26 කට කඩුලු 2ක් දවා ගත්තා. නුවන් කුලසේකර ද ලකුණු 26 කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින්.

ඉෂාන් ජයරත්න ලකුණු 31ක් හා සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළා. ජීවන් මෙන්ඩිස් ලකුණු 25 යි.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර හෙට(1) රායිපූර් හී දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...