Watch : කොදෙව්වන්ට එරෙහිව සනත් ගහපු සුපිරි පහරවල්

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද(30) රාත්‍රි 7.30ට රායිපූර් හීදී ආරම්භ වුණා.

ඒ්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම වෙනුවෙන් පළමුව පිටියට පිවිසියේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, උඩවත්ත ලකුණු 15 කට දැවී ගියා.

සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළේ පන්දු 19 කින්. හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින්.

ඉෂාන් ජයරත්න ලකුණු 31ක් හා ජීවන් මෙන්ඩිස් ලකුණු 25 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...