ඔස්ට්‍රේලියාව පරදා ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් තරගයට

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, රායිපූර්හී දී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.

තරගය ඊයේ රාත්‍රියේ දී ආරම්භ වූ නමුත්, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය අතරමගදී අත්හිටුවීමට සිදු වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියා.

එතැන් සිට තරගය අද පස්වරුවේ දී යළි ආරම්භ කිරීමට කටයුතු කෙරුණු අතර, ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171 ක්.

බෙන් ඩන්ක් ලකුණු 46 ක්, ඇලෙක්ස් ඩූලන් ලකුණු 35 ක් හා නායක ශේන් වොට්සන් ලකුණු 30 ක් ලබා ගත්තා. කැමරන් වයිට් නොදැවී ලකුණු 30යි.

පන්දු යැවීමේ දී අභිමන්යු මිතුන් ලකුණු 25 කට කඩුලු 2 ක් හා යුසුෆ් පතාන් ලකුණු 36 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

නාමන් ඕජා පන්දු 62 කින් නොදැවී ලකුණු 90 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඉර්ෆාන් පතාන් පන්දු 12 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37ක්.

පන්දු යැවීමේ දී ශේන් වොට්සන් ලකුණු 16 කට කඩුලු 2ක් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර හෙට රාත්‍රී 7.30ට රායිපූර් හීදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, පළමු අවසන් පූර්ව තරගය ඊයේ දිනයේ දී පවත්වා නිමා කිරීමට නොහැකි වූ බැවින් දෙවැනි අවසන් පූර්ව තරගය හෙට(30) දිනය දක්වා කල් දැමීමටයි තරගාවලියේ සංවිධායකයින් තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...