දැවැන්ත මුදලක් යටතේ කමිඳු මෙන්ඩිස්ට BPL වරම්

Date:

ශ්‍රී ලාංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී පී එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර් 30,000ක මුදලකට ඔහු එම කණ්ඩායම සමග එක්ව ඇති බව සදහන්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක පමණ අගයක් වනවා.

23 හැවිරිදි කමිදු මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 7 ක් හා 20යි 20 තරග 5 ක් ක්‍රීඩා කර තිබෙනවා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි අදියර ලබන වසරේ ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් තරග කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...