පන්දු 30 න් වාර්තා වූ ශතක සම්බන්ධතාවය ජැමයිකාව අවසන් තරගයට ගෙන යයි

Date:

සිය ඉනිමේ අවසන් පන්දු 30 තුළ දී ශමාර් බෘෘක්ස් හා ඉමාඩ් වසීම් ගොඩ නැගූ නොබිදුණු ලකුණු 103 ක විශිෂ්ඨ සම්බන්ධතාවයෙන් ශක්තිමත් වෙමින් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualifier 2) ලකුණු 37 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැමයිකා තලවාස් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(29) පෙරවරුවේ සමත් වුණා.

ගයානා හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වෙමින් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමටයි.

තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජැමයිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 226 ක් රැස් කිරීමට සමත් වුණා.

ශමාර් බෘෘක්ස් නොදැවී ලකුණු 109 ක් වාර්තා කළේ පන්දු 52 කින්. හයේ පහර 8 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක රොව්මන් පවෙල් ලකුණු 37 කට දැවී ගියා. ඉමාඩ් වසීම් පන්දු 15 කින් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමින්.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 43 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගයානා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

කීමෝ පෝල් ලකුණු 56(37) ක් හා ෂේයි හෝප් ලකුණු 31(13)ක් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් ග්‍රීන් හා ඉමාඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා ජැමයිකා තලවාස් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් එළඹෙන පළමු වැනිදා අලුයම 4.30ට ගයානා හි Providence ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...