රිස්වාන්ගේ හුදෙකලා සටනත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාත් හමුවේ පාකිස්තානයට තියුණු ජයක්

Date:

ආරම්භක පිතිකරු මොහමඩ් රිස්වාන්ගේ සටන්කාමී හුදෙකලා ඉනිමත්, පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂතාත් හේතුවෙන් එංගලන්තය සමග පැවැති පස්වැනි 20යි 20 තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 7 කින් යුත් තරගාවලිය තරග 3-2 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

නායක මොයීන් අලී නොදැවී ලකුණු 51(37) ක් ලබා ගත් නමුත්, එංගලන්තයට තරගය ජයග්‍රහනය කිරීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ. හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඩේවිඩ් මලාන් ලකුණු 36 යි.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 15 ක් එංගලන්තයට අවශ්‍ය වුණා. සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ආමර් ජමාල් එම පන්දුවාරය යොමු කළ අතර, ඊට මුහුණ දුන්නේ මොයීන් අලී හා ඩේවිඩ් විලී. කෙසේ වෙතත්, එම පන්දුවාරයේ දී වාර්තා වූයේ ලකුණු 8 ක් පමණයි. (දර්ශන පහතින් නරඹන්න)

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 41 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මොහමඩ් නවාස්, මොහමඩ් වසීම්, ශඩාබ් ඛාන්, ඉෆ්ටිකාර් අහ්මඩ් හා ආමර් ජමාල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

එංගලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 145 ක් රැස් කළේ පන්දුවාර 19 ක් අවසානයේ දී යි.

පිතිකරුවන් තිදෙනෙකු පමණක් ලකුණු 10 සීමාව පසු කළා. ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 15 ක් හා ආමර් ජමාල් ලකුණු 10 ක් ලබා ගත්තා. හුදෙකලා සටනක නිරත වූ මොහමඩ් රිස්වාන් පන්දු 46 කින් ලකුණු 63 ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් රිස්වාන්ගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් මාර්ක් වුඩ් කඩුලු 3 ක් ද, ඩේවිඩ් විලී හා සෑම් කරන් කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...