වෙනස්කම් රැසක් සමග ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ලබන සතියේ දී ක්වීන්ස්ලන්තයේ දී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිත නම් කර තිබෙනවා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඩේවිඩ් වෝනර්, මර්කස් ස්ටොයිනිස්, මිචෙල් ස්ටක් හා මිචෙල් මාෂ් සංචිතයට යළි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

නිමා වූ ඉන්දීය තරග සංචාරය සදහා එම ක්‍රීඩකයින් සිව්දෙනාම ක්‍රීඩා කළේ නැහැ.

වෝනර් ඉන්දීය තරගාවලියෙන් විවේක ගන්වා තිබූ අතර, ස්ටොයිනිස්, ස්ටක් හා මාෂ් යන ක්‍රීඩකයින්ට ආබාධවලට ලක්වීම හේතුවෙනුයි එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණේ.

ඉන්දියාවේ දී කැපී පෙනෙන දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට ද සමත්ව තිබෙනවා.

ඇෂ්ටන් ඒගාර් හා කේන් රිචර්ඩ්සන් කොදෙව්වන්ට එරෙහි තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

Australia squad:

Aaron Finch (c), Sean Abbott, Pat Cummins, Tim David, Cameron Green, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Daniel Sams, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...