T20 WC : මෙල්බර්න් නගරයේ සුවිසල් පුවරුවට ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා

Date:

මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 19 ක් පමණයි.

තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සුදානම් වෙමින් පවතිනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය පිහිටි මෙල්බන් නගරයේ ලෝක කුසලානය වෙනුවෙන් ඉදිකර ඇති ප්‍රදර්ශන පුවරුවක් මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වැඩි අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බව දක්නට ලැබෙනවා.

එම ප්‍රදර්ශන පුවරුවේ දැක්වෙන්නේ එළඹෙන ලෝක කුසලානයේ දී වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගනු ඇතැයි බලාපොරොත්තු වන රටවල් 6 ක් නියෝජනය කරන ක්‍රීඩකයන් 6 දෙනෙකුගේ රූප සටහන්.

විරාට් කොලි, පැට් කමින්ස්, ට්‍රෙන්ට් බෝල්ට්, ජොස් බට්ලර්, බාබර් අසාම් යන ප්‍රබල ක්‍රීඩකයන්ගේ රූප සටහන් අතර නැගී එන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ රුව ද මෙම ප්‍රදර්ශන පුවරුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

වර්තමානයේ යම් පසුබැසීමක සිටිය ද, පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා බවට පත් වුණේ අසලංකයි.

චරිත්ගේ පිත්ත මෙවර යළි සුපුරුදු රිද්මය සොයා ගනු ඇති බවට බොහෝ ශ්‍රි ලංකා ක්‍රිකට් රසිකයන් බලාපොරොත්තුවෙන් පසු වන බව රහසක් නොවේ.

නැවතත් චරිත් අසලංක ලකුණු අතරට පැමිණ ශ්‍රී ලංකාව ජයග්‍රහන කරා රැගෙන යනු ඇතැයි HitWicket.lk අප ද විශ්වාස කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...