ඉන්දියාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියකට යළි යෝජනාවක්

Date:

ඉන්දියාව හා පාකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සදහා සත්කාරකත්වය දැරීමට සූදානම් බවට වන යෝජනාවක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට අභාවයට ගොස් ඇති ඉන්දු – පාකිස්තාන ද්විපාර්ශ්වික තරගාවලි සදහා යළි ජීවයක් ලබා දීමේ අරමුණිනුයි මෙම යෝජනාව සිදු කර ඇත්තේ.

2013 වසරේ ජනවාරි මාසයෙන් පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් පවත්වා නොමැති අතර, ඉන් අනතුරුව ඔවුන් එකිනෙකා සමග තරග වැදී ඇත්තේ අයි.සී.සී හා ආසියානු කුසලාන තරගාවලියන් හී දී පමණයි.

දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2007 වසරේ දෙසැම්බර් මාසයේ දී වීම ද විශේෂත්වයක්.

දෙරට අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් මෙලෙස කණ්ඩායම් දෙක අතර ද්විපාර්ශ්වික තරගාවලි පැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

මේ දිනවලදී එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ 20යි 20 තරග සංචාරයක නිරතව සිටින අතර, එම තරගාවලිය අතරතුර දී යි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ උප සභාපති Martin Darlow විසින් ඉන්දු – පාකිස්තාන ටෙස්ට් තරගාවලියකට සත්කාරකත්වය දැරීමට සූදානම් බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා වෙත යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...