ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට(28) සහ අනිද්දා(29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් හා ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් යන කණ්ඩායම්.

අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට තරගාවලියේ සංවිධායකයින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය රායිපූර් හී දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ටයි.

දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන 29 වැනිදා රාත්‍රී 7.30ට රායිපූර් හී දී ම ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන පළමු වැනිදා රායිපූර් හී දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...