Watch : පිට පිට දෙවැනි තරගයේ දී ත් ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම දැවී ගිය හැටි

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් මෙරට වේලාවෙන් අද(23) පැවැති සී.පී.එල් තරගයේ දී යළිත් වරක් පිත්තෙන් අසාර්ථක වුණා.

ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගය මෙවර තරගාවලියේ 27 වැනි තරගය වූ අතර, එය ගයානා හී දී යි පැවැත්වුණේ.

මෙම තරගයේ දී ද ඔහු පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්. මෙම තරගයට පෙර එම කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දී ද ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ද දැවී ගියා.

මෙරට වේලාවෙන් අද පෙරවරුවේ නිමා වූ සී.පී.එල් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත්තා.

නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59 කින් හයේ පහර 6 ක් හා හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 36 යි.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 33 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමසන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක විශිෂ්ඨ ජයක් හිමි කර ගනිමින්.

ෂේයි හෝප් නොදැවී ලකුණු 59 ක් ද, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 52 ක් ද ලබා ගත්තා. ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම දැවී ගිය නමුත්, ඇමසන් වොරියර්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා එය බාධාවක් වූයේ නැහැ.

ශකිබ් පළමු පන්දුවෙන්ම දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...