ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ලකුණු 40 ක ජයක් ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ, මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12 ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු 12ක් සමගින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ද ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමටයි.

නවසීලන්තය සිව්වැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව 6 වැනි ස්ථානයේත්, එංගලන්තය 7 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 8 වැනි ස්ථානයේත් පසුවනවා.

තරගාවලියේ 14 වැනි තරගය දෙහ්රාදූන් හී දී ඊයේ (22) රාත්‍රියේ පැවැති අතර, එම තරගයෙන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 15 කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 40(20) ක් ද, යුවරාජ් සිං නොදැවී ලකුණු 31(15) ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී Stephen Parry ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 15 තුළ දී කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

පිල් මස්ටඩ් ලකුණු 29 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී රජේෂ් පවර් ලකුණු 12 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...