20යි 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නම් කෙරේ

Date:

ලබන මාසයේ දී ඔස්ට්‍රේලියාවේ ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ස්කොට්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Richie Berrington නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තුන් ඉරියව් ක්‍රීඩක Brandon McMullen පළමු වරට ස්කොට්ලන්ත සංචිතයට නම් කර ඇති අතර, Brad Wheal හා Josh Davey ද යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන 20යි 20 ලෝක කුසලානයේ දී පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කරන ස්කොට්ලන්ත කණ්ඩායම සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ ඔක්තෝබර් 17 වැනිදා හෝබාර්ට් හී දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

Scotland squad: Richard Berrington (c), George Munsey, Michael Leask, Brad Wheal, Chris Sole, Chris Greaves, Safyaan Sharif, Josh Davey, Matthew Cross (wk), Calum MacLeod, Hamza Tahir, Mark Watt, Brandon McMullen, Michael Jones, Craig Wallace

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...