කාන්තා ආසියානු T20 කුසලානයේ කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

Date:

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශයේ සිල්හෙට් හී දී යි.

ඔක්තෝබර් පළමු වැනිදා තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී සත්කාරක බංග්ලාදේශය හා තායිලන්තයත්, ශ්‍රී ලංකා හා ඉන්දියාවත් තරග වැදීමට නියමිතව තිබෙනවා.

Also Read : 20යි 20 ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිවේදනය කෙරේ

අනතුරුව ඔක්තෝබර් දෙවැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තෙවැනි තරගය තායිලන්තයට එරෙහිව පැවැත්වෙන්නේ ඔක්තෝබර් 4 වැනිදායි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඔක්තෝබර් 8 වැනිදා මැලේසියාවට එරෙහිවත්, ඔක්තෝබර් 10 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, ඔක්තෝබර් 11 වැනිදා පාකිස්තානයට එරෙහිවත් තරග යෙදී තිබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදායි.

රටවල් 7 ක් මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරන අතර, ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමු වරට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

තරගාවලියේ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...