තිසරගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, ඕබ්‍රයන්ගේ සුපිරි ශතකයත් ගුජරාට් පිලට ජය ගෙනෙයි

Date:

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කැපිටල්ස් කණ්ඩායම කඩුලු 3 කින් පරාජයට පත් කිරීමට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඊයේ(17) රාත්‍රියේ කොල්කටා හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ජයන්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

ඈෂ්ලි නර්ස් නොදැවී ලකුණු 103 ක් ලබා ගත්තේ පන්දු 43 ක් පමණක් වැය කරමින්. හයේ පහර 9ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙනේෂ් රම්දින් ලකුණු 31 යි.

පන්දු යැවීමේ දී තිසර පෙරේරා පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජයන්ට්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

කෙවින් ඕබ්‍රයන් පන්දු 61 කින් ලකුණු 106 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 15 ක් සමගින්. තිසර පෙරේරා එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රවින් තම්බේ ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...