කොවිඩ් ආසාදනය වීම නිසා මොහමඩ් ෂාමි 20යි 20 සංචිතයෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියාව සමග එළඹෙන 20 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමිට අහිමි වී තිබෙනවා.

ඔහුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙලෙස එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, ඒ අනුව පළමු 20යි 20 තරගය පැවැත්වෙන මොහාලි වෙත ද ඔහු පිටත්ව ගොස් නැහැ.

ඔහු වෙනුවට උමේෂ් යාදව් ඉන්දීය සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

යාදව් 2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

මෙවර එංගලන්ත ප්‍රාන්ත සිව්දින තරගාවලියේ දී මිඩ්ල්සෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිටි උමේෂ් යාදව් ආබාධයකට ලක් වීම හේතුවෙන් මෑතකදී ඉන්දියාව වෙත යළි පැමිණියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...