මහේල ඔස්ට්‍රේලියාවට, මාලිංග මහනුවරට ; ලෝක කුසලානයට සූදානම් වීමේ ශ්‍රී ලංකා සැලසුම මෙන්න

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් වෙනුවෙන් පුහුණු කදවුරක් ලබන 25 වැනිදා සිට මහනුවර දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.

සතියක කාලයක් එම කදවුර පැවැත්වීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද(15) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

පුහුණු කදවුර සදහා ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ද ලබා ගැනීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ රැදී සිටින බව මෙම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙවැනිදා දිවයිනෙන් පිටත්ව යන බවත්, මහේල ජයවර්ධන මහතා ලබන 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවත් ඔහු කියා සිටියා.

මේ අතර, ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් ලිඛිත අනුමැතිය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත්, අනුමැතිය ලද සැණින් එය නිවේදනය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සංචිතය සදහා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර, ආබාධ හේතුවෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වූ දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් එළඹෙන 20යි 20 ලෝක කුසලානය සදහා යොදා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව අද පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...