IPL නිසා විනිසුරු දිවිය අහිමි වූ අසාද් රවුෆ් ජීවන ගමනට සමු දෙයි

Date:

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු වූ පාකිස්තාන ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

66 වන වියේ පසු වූ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2000 වසරේ දී පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ ඔහු ටෙස්ට් තරග 64 කදී, එක්දින තරග 139 කදී හා 20යි 20 තරග 28 කදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

අසාද් රවුෆ් පළමු පෙල තරග 71 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී ලකුණු 3,423 ක් ඔහු රැස් කර තිබුණා.

අසාද් රවුෆ්ගේ විනිසුරු දිවිය හදිසියේ අවසන් වූයේ 2013 වසරේ දී අයි.පී.එල් තරග පාවාදීමේ සිද්ධීන්වලට අදාළ චූදිතයෙකු ලෙස මුම්බායි පොලීසිය විසින් ඔහු ද නම් කිරීම හේතුවෙන්.

අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොකෙරුණු ද ඔහුව ජගත් ක්‍රිකට් කවුන්සලයේ උසස්ම විනිසුරු කමිටුවෙන් (ICC’s Elite Panel) ඉවත් කිරීමට පියවර ගැණුනා.

අනතුරුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද ඔහුට වසර 5 ක තහනමක් පැනවීමටයි කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...