ක්‍රිකට් ආයතනයෙන් විනිසුරු ඇගයීමක්

Date:

වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුකරණයේ නියැළෙමින් විශ්‍රාම දිවියට එළැඹි ක්‍රිකට් විනිසුරු ඩී.එන්. පතිරණ සහ විනිසුරුවරියක වන කේ. ආර්. පී. දූල්වල විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සේවාව අගය කිරීමක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදු කෙරුණා.

මෙහිදී පතිරණ මහතාට සහ දූල්වල මහත්මියට මුදලින් ත්‍යාග ප්‍රදානය කිරීමක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම සහ දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

1982 වසරේ සිට 2006 වසර දක්වා කාල සීමාවේදී දේශීය පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ පතිරණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 30 කදී ප්‍රධාන විනිසුරුවරයකු ලෙස ද ටෙස්ට් තරග 8 කදී අතිරේක විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

අගය කිරීමට ලක් වුණ දූල්වෙල මහත්මියද ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කර තිබෙන අතර ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුකරණයේ නිරත වුණා.

විනිසුරුකරණයෙන් ඇය විශ්‍රාම යන විට සරා තරග මට්ටමේ විනිසුරුවරියක් ලෙසින් කටයුතු කරමින් සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...