මාර්ක් බවුචර් ප්‍රධාන පුහුණුකරු තනතුර ගැන තීරණයක් ගනියි

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා සිය ධූරයෙන් ඉවත් වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාර්ක් බවුචර් එරට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔහුගේ ගිවිසුම් කාලය ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා වලංගු වුණා.

එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර  ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඊයේ (12) දකුණු අප්‍රිකාව පරාජයට පත් වීමෙන් පසුව ඔහු සිය තීරණය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙත දැනුම් දී තිබෙනවා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 11 ක් ජය ගත් අතර, පසුගිය ජනවාරි මාසයේ දී ඉන්දියාවට එරෙහිව තරග 2-1 ක් ලෙස සිය රටේ දී සුවිශේෂී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ද දකුණු අප්‍රිකාව සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

පසුගිය වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආසන්නයටම සිය කණ්ඩායම රැගෙන යාම සදහා ද මාර්ක් බවුචර් මග පෙන්වනු ලැබුවා.

දල ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක පැවැතීම හේතුවෙනුයි ඔවුන්ට අවසන් පූර්ව වටය අහිමි වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...