20යි 20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය අද නම් කෙරේ

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(12) නම් කිරීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අද පස්වරුවේ දී මාර්ගගත ක්‍රමවේද (online) ඔස්සේ පැවැත්වෙන රැස්වීමකදී ඉන්දීය සංචිතය තේරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජාට ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත මෙම ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ආබාධවලට ලක්වීම හේතුවෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රා හා හර්ෂාල් පටෙල් 20යි 20 ලෝක කුසලානය සදහා නම් කිරීමට ඉඩ පවතිනවා.

ඔවුන් දෙදෙනාගේ පැමිණීමත් සමග අවේශ් ඛාන්ට සංචිතයේ සිය ස්ථානය අහිමි වීමට ඉඩ පවතින අතර, ආසියානු කුසලානයට නම් කෙරුණු තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ද ලෝක කුසලාන සංචිතයේ ස්ථාන අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...