“මෙය ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂි ජයග්‍රහණයක්” : ක්‍රීඩා ඇමති

Date:

ඩුබායි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව දිනා ගත් මෙවර ආසියානු කුසලානය ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂී ජයග්‍රහණයක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඊයේ රාත්‍රියේ පැවැති මෙවර පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 23 ක ජයක් ලබමින් 6 වැනි වරටත් ආසියානු ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

ඩුබායි ක්‍රීඩාංගනයේ දී පළමුව පන්දුවට පහර දී තරග ජය ගැනීම අතිශය අසීරු අභියෝගයක් ලෙස ප්‍රකටව තිබියදී, ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අතිවිශිෂ්ට ලෙස පන්දු යවමින් හා පිතිකරණයෙන් මනා කළමනාකාරීත්වයෙන් යුතුව ලොවම විශ්මයට පත් කරමින් ලැබූ මෙම ආසියානු කුසලානය ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂි ජයග්‍රහණයක් බවත්, එය මව්බිමට මහත් අභිමානයක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත් ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

ශ්‍රී ලංකාව දක්ෂයන් ගේ පාරාදීසයක් බවට පත්කරමින් ඊයේ (11) නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදවා ලකුණ 23ක ජයක් ලබා 6 වෙනි වතාවටත් ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පළමුව පන්දුවට පහරදී ජයග්‍රහණය බලාපොරොත්තු වීම උඩුගම් බලා පිහිනීමක් බව විශ්ලේෂකයන් පවසා ඇත. ප්‍රබල පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අතිවිශිෂ්ට ලෙස පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් මනා කළමනාකාරීත්වයෙන් යුතුව ලොවම විශ්මයට පත් කරමින් ඒ ලබාගත් ආසියානු කුසලානය ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂි ජයග්‍රහණයකි. එය මව්බිමට මහත් අභිමානයකි.

මනා පුහුණුවත්, කණ්ඩායම් හැගීමත් සමගින් තම විශිෂ්ටත්වය ලොවට විදහාපාමින් මව්බිමට කීර්තියක් ගෙන දෙමින් වසර අටකට පසු ප්‍රධාන තරගාවලියක කුසලානයක් දිනාගනිමින් ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට මාගේ ස්තූතිය පුද කරමි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...