රිස්වාන් ලෝකෙන්ම එක වෙයි ; වනිදු පසුබසිද්දී පැතුම්, මෙන්ඩිස් හා තීක්ෂණ ඉදිරියට

Date:

අයි.සී.සී පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(7) නිවේදනය කළා.

ඊට අනුව එහි පිතිකරුවන් අතර පළමු ස්ථානය හිමි කර ගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරු මොහමඩ් රිස්වාන් සමත්ව සිටිනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ ඔහුගේ ආරම්භක සගයා හා නායකයා වන බබාර් අසාම් දෙවැනි ස්ථානයට ඇදදමමින්.

රිස්වාන් මෙවර ආසියානු කුසලානයේ දී මේ වන විට ඉතා ඉහළ දක්ෂතා දක්වමින් සිටින අතර, තරග 3 කදි ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 192 ක්.

මේ දක්වා ඔහු 20යි 20 පිතිකරුවන් අතර රැදී සිටියේ දෙවැනි ස්ථානයේ යි.

මීට පෙර පාකිස්තානයෙන් බබාර් අසාම් හා මිස්බා උල් හක් ද 20යි 20 පිතිකරුවන් අතර පෙරමුණේ රැදී සිටි අතර, ඒ අනුව මොහමඩ් රිස්වාන් ඉතිහාසගත වන්නේ 20යි 20 පිතිකරුවන් අතර පෙරමුණ හිමි කර ගත් තෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කුසල් මෙන්ඩිස් 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 18 කින්.

එමෙන්ම දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද 20යි 20 පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

වනිදු හසරංග ස්ථාන 3 කින් පසුබැස ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...