Watch : කෝලිව බින්දුවටම දවා ගත් මධුෂංකගේ සුපිරි පන්දුව

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය අද (6) රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 13 දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණෘ.

කේ. එල් රාහුල් ලකුණු 6 කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි විරාට් කෝලි ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

ඩිල්ෂාන් මදුෂංක යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කෝලිට සිය කඩුල්ල අහිමි වුණේ. (දර්ශන පහතින්)

https://twitter.com/cric12222/status/1567160227275079681?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...