T20 WC : ඩුසේන් ඉවතට ; නායකත්වය බවුමාට ; දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(6) නිවේදනය කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ ටෙම්බා බවුමා විසින්.

ජූනි මාසයේ ඉන්දියාවේ පැවැති 20යි 20 තරගාවලියේ දී ඔහුගේ වැලමිටක ආබාධයක් සිදු වූ අතර, ඉන් අනතුරුව මේ දක්වා ඔහු කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

දකුණු අප්‍රිකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ද එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, එම තරග සංචාරය සදහා ද බවුමා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව සිටින රසී වැන් ඩර් ඩුසේන්ට එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පසුගියදා නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සති 6 ක් පමණ විවේක ගැනීමට සිදුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

රයිලි රොසෝව් ද දකුණු අප්‍රිකා සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Temba Bavuma (c), Quinton de Kock (wk), Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorius, Kagiso Rabada, Rilee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.

Reserves:

Bjorn Fortuin, Marco Jansen and Andile Phehlukwayo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...