රයිනා ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Date:

ඉන්දීය හිටපු පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් ඔහු යළි දේශීය හෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියන් හී දී දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අහිමි වනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව අද (6) නිවේදනය කළේ.

2020 වසරේ අගෝස්තු 15 වැනිදා ඉන්දීය හිටපු නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බව නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසුවයි රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළේ.

එළඹෙන 10 වැනිදා ආරම්භ වීමට නියමිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ දී 35 හැවිරිදි ඔහු ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ද නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම (2016, 2017 වසරවලදී චෙන්නායි පිලට පැනවූ තහනම හේතුවෙන්) නියෝජනය කළ රයිනා අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම පිතිකරුවෙකු ලෙස ද සැලකෙනවා.

අයි.පී.එල් තරග 205 කදී ඔහු රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 5,528 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...