පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල පරදියි

Date:

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ(5) ආරම්භ වුණා.

පළමු එක්දින තරගය Worcester හී දී පැවැති අතර, එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 3ක ජයක් වාර්තා කළේ එංගලන්ත යොවුන් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 48 කට සීමා වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 248 ක්.

ෂෙවෝන් ඩැනියල් ලකුණු 54 ක්, අන්ජල බණ්ඩාර ලකුණු 44 ක් හා මල්ෂ තරුපති ලකුණු 37 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Fateh Singh කඩුලු 3ක් දවා ගත් අතර, Thomas Aspinwall හා Danial Ibrahim කඩුලු 2 බැගින් දවා ගත්තා.

වර්ෂාව හේතුවෙන් එංගලන්ත යොවුන් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 24 කදී හිමි වූ ඉලක්කය ලකුණු 172 ක්.

ඔවුන් එම ඉලක්කය පන්දුවාර 23.1 කදී කඩුලු 7ක් දැවී පසු කර ගියා.

Alex Horton ලකුණු 49 ක් හා Danial Ibrahim ලකුණු 32ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී රවීන් ද සිල්වා ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...