නොසිතූ අනතුරක් නිසා බෙයාර්ස්ටව්ට ලෝක කුසලානය අහිමි වෙයි

Date:

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ජොනී බෙයාර්ස්ටව්ට දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි එරට ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේ.

අද(2) ලීඩ්ස් හී දී ඔහු ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී සිදු වූ අනතුරකින් ඔහුගේ පාදයක ආබාධයක් සිදුව ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

ආබාධය පිළිබද වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් ඔහු ලබන සතියේ දී විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වනු ඇති.

දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, බෙයාර්ස්ටව් වෙනුවට Ben Duckett එංගලන්ත ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

20යි 20 ලෝක කුසලානය සදහා නම් කෙරුණු එංගලන්ත සංචිතයට බෙයාර්ස්ටව් වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා පසුව නිවේදනය කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...