එදා තරගයෙන් අපි හොද පාඩමක් ඉගෙන ගත්තා : භානුක රාජපක්ෂ

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු තරගයේ දී සිය කණ්ඩායම “හොද පාඩමක්” ඉගෙන ගත් බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

නිදහසට කරුණක් නොවුණ ද, ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව ලැබුණේ දින දෙකක් පමණක් බවත්, ඒ හේතුවෙන් එරට පවතින තත්ත්වයන්ට අනුගත වීමට යම් කාලයක් ගත වූ බවත්, භානුක කියා සිටියා.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය සමග පැවැති තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී යි ඔහු ඒ බව සදහන් කළේ.

එම ජයත් සමග සුපිරි 4 වටය සදහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත් අතර, සුපිරි 4 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය යළි ඇෆ්ඝනිස්තානයට එරෙහිව හෙට(3) පැවැත්වීමට නියමිතයි.

“ඇෆ්ඝනිස්තානය දැන් අපි හොදට ඇනලයිස් කරලා තියෙනවා. මමයි දසුනුයි අපි ලීග් ටිකක් ගහල වනිදුත් එක්ක අපි පොඩ්ඩක් ඇනලයිස් කරල කලින් තිබ්බා. ඒත් අනිත් 8 දෙනාම වගේ ඇෆ්ඝනිස්තානය එක්ක මුල්වරට ක්‍රීඩා කළේ. දැන් එක මැච් එකක් ගහලා අපි ඒකෙන් හොද පාඩමක් ඉගෙන ගත්තා. ඉතිං මම හිතන්නේ ඊළග තරගයට යද්දී අපි සූදානමින් ඉන්නවා, අපි දැන් දන්නවා එයාලා මොනවද බෝල් කරන්නේ කොහොමද බැට් කරන්නේ කියලා. අපි මීට වඩා සීයට දෙසීයක් දෙන්නයි බලාපොරොත්තුවෙන්නේ. ” යනුවෙන් භානුක රාජපක්ෂ කියා සිටියා.

බංග්ලාදේශයට එරෙහි තරගය තුළ පැවැති සැලසුම් සම්බන්ධයෙන් හා ලැබූ ජයග්‍රහනය සම්බන්ධයෙන් ද මෙහිදී භානුක අදහස් පල කළා. (දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...