ඉන්දු – ශ්‍රී ලංකා තරගය එළඹෙන 8 වැනිදා ; ශ්‍රී ලංකා පිලේ සුපිරි 4 වටයේ කාලසටහන මෙන්න

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග සෙනසුරාදා (3) ආරම්භ වනවා.

මේ වන විට A කාණ්ඩයෙන් ඉන්දියාව ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය ද සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

අද(2) දිනයේ දී මූලික වටයේ අවසන් තරගය පාකිස්තානය හා හොං කොං කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නවා.

එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාජා හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 වටය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ හෙට(3) දිනයේ දී යි. ඒ, ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිවයි.

එම තරගය සාජා හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සුපිරි 4 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය පාකිස්තානයට හෝ හොං කොං කණ්ඩායමට එරෙහිව (අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිව) එළඹෙන 7 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

ඊට පසු දින එනම් එළඹෙන 8 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන 11 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...